Sunday, May 22, 2022
තව පරක් හැරිලා බලපන් ..
උබට පණ වගේ ආදරේ කරන කෙනා දිහා තව පරක් හැරිලා බලපන් .....
උඹ කොච්චර බැන්නත්
උඹව දාල යන් නෑ නේද
උඹ මොන අඩුපාඩුව කරත්
ඒ හැමදේම දරාගෙන ඉන්නවා නේද
ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් එනවා නේද
ඒ තමයි උඹට ආදරේ කරන කෙනා ..
උඹ කොච්චර එපා කිව්වත්
උඹව දාල නොයන එකම කෙනා...
හිතලා බලපන්
උඹෙන් මොනවද ඌට ලැබෙන්නෙ
කිසිම දෙයක් ලැබෙන් නෑ නේද
ඌ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ නේද
එකම එක පාරක් ආදරෙයි කියන වචනෙ අහන්න ඌ ඕනිම දෙයක් කරනවා නේද ..
උඹව දකින් නැතුව ඉන්න එක
උඹගෙ කටහඬ අහන් නැතුව දවස් ගනක් ඉන්න එක
ඌට කොච්චර දුකක්ද කියලා
උඹ එක පාරක් හරි හිතුවද
උඹට ගානක්වත් නැත්තෙ ඌ උඹට ඉන්නවා කියලා දන්න හිංදා
ඒත් දවසක ඌ නැති උනොත්
උඹට ඌට වඩා ආදරේ කරන කෙනෙක් හම්බෙයි කියලා හිතනවද ..
දෙයක් ලැබෙද්දි ආදරේ කරන උන් වගේ නෙමෙයි
උඹෙන් සැනසීමක්වත් නොබලා
උඹට ආදරේ කරනවා නං
ඌට මොනවා නැති උනත් උඹව කවදාවත් දාල යන් නෑ
බලපන් එච්චර විඳවගෙනත් ඉන්නෙ තවම උගේ හිතේ උඹ විතරක්ම ඉන්න හිංදා මිසක්
මතක තියාගනින් ..
ඒක උගේ නිවට කමක් නං නෙමෙයි බං ...
උඹටත් එහෙම කොල්ලෙක් ඉන්නව නම් රැකගනින් ඒ තමයි උඹට ඇත්තටම ආදරේ කරන කෙනා..
Subscribe to:
Post Comments (Atom)
තව පරක් හැරිලා බලපන් ..
උබට පණ වගේ ආදරේ කරන කෙනා දිහා තව පරක් හැරිලා බලපන් ..... උඹ කොච්චර බැන්නත් උඹව දාල යන් නෑ නේද උඹ මොන අඩුපාඩුව කරත් ඒ හැමදේම දරාගෙන ඉන්නවා නේ...
-
උබට පණ වගේ ආදරේ කරන කෙනා දිහා තව පරක් හැරිලා බලපන් ..... උඹ කොච්චර බැන්නත් උඹව දාල යන් නෑ නේද උඹ මොන අඩුපාඩුව කරත් ඒ හැමදේම දරාගෙන ඉන්නවා නේ...
No comments:
Post a Comment